
පර්ත් නගරයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයකින් ඇද වැටුණු මුදල් තොගයක් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ පෙරවරුවේ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර මාර්ගයේ පතිත වී තිබූ මුදල් රියදුරන් විසින් අසුලාගෙන ඇති බව සඳහන්.
එක් රියදුරෙකු පවසා තිබුණේ තමන් ඩොලර් 10,000 කට ආසන්න මුදලක් එකතු කරගත් බවයි.

කෙසේවෙතත් මෙම මුදල් ඒවායෙහි අයිතිකරුට භාරදීමට කටයුතු කරන්නැයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය දන්වා සිටිනවා.
නොඑසේනම් සී සී ටී වී කැමරා සහ වාහනවල ඇති ඩෑෂ් කැම් භාවිතයෙන් ඔවුන් හඳුනාගෙන නීතිමය පියවර ගන්නා බවටයි අනතුරු ඇගවෙන්නේ.
