AFL අවසාන මහා තරඟයේ වික්ටෝරියානු රසිකයන් අධීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා

AFL අවසාන මහා තරඟයේ වික්ටෝරියානු රසිකයන් අධීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා

Drones to monitor AFL fans on Grand Final day a ‘necessary intrusion’

මෙම සති අන්තයේ වික්ටෝරියා හි AFL අවසාන මහා තරඟයේ රසිකයන් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම අත්‍යවශ්‍ය පියවරක් වන බව​ වික්ටෝරියානු රජය පවසයි.

වික්ටෝරියා පොලිසිය සෙනසුරාදා පැවැත්වෙන අවසාන මහා තරඟයේදී උද්‍යාන හා වෙරළ ඇතුළු පොදු ස්ථානවල AFL රසිකයන් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන හා හෙලිකොප්ටර් යානා යොදවනු ඇත.

මෙල්බර්න් හි වර්තමාන COVID-19 සීමාවන් යටතේ ගෘහස්ථ රැස්වීම් තහනම් කර ඇත. නිවාස දෙකකින් පුද්ගලයින් 10 කට වැඩි සංඛ්‍යාවක් වඩා එළිමහනේ පොදු ස්ථානවල රැස්විය නොහැක.

Collingwood සභාපති Eddie McGuire අද පැවසුවේ AFL රසිකයන් ඩ්‍රෝන් සෝදිසි කිරීම අත්‍යවශ්‍ය ආක්‍රමණයක් ලෙස පිළිගත යුතු බවයි.

“පසුගිය මාස හය තුළ මෙල්බර්නියානුවන් ඉතාමත් දුෂ්කරතා කාලයක් ගත කර ඇත​. අපි මෙම වයිරසයෙන් මිදීමට ඉතාමත් ආසන්නයි.”

“මම කියන්නේ මේ සති අන්තයේ හැමෝම හරි දේ කරන්න,” ඔහු පැවසීය.

සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝ​නය කිරීම සඳහා ඩොලර් 1600 සිට 5000 දක්වා දඩ මුදල් අය කෙරේ.

සහකාර කොමසාරිස් Luke Cornelius පැවසුවේ මහජන රැස්වීම්වලදී පොලිසියට “ස්ථානීය දැනුවත්භාවය” ලබා දීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කළ බවයි.

“එය අපට සමූහ සංඛ්‍යාව, සමූහ හැසිරීම පිළිබඳ කාලීන ඇගයීමක් ලබා දෙයි,” ඔහු පැවසීය.

ඩ්‍රෝන යානා මිනිසුන්ගේ පිටිපස්සේ සැරිසරන්නේ නැති බව ඔහු පැහැදිලි කළේය. එහෙත් නීතිවිරෝධී රැස්වීම් පිළිබඳව පොලිසිය සොයා බලනු ඇත.

“යමෙකුගේ නිවසින් පිටත වාහන විශාල ප්‍රමාණයක් අප දුටුවහොත්, ඇත්ත වශයෙන්ම අපි සිදුවන්නේ කුමක්ද යන්න පරීක්ෂා කර බලමු.”
McGuire පැවසීය​.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »