මෙල්බන් – සිඩ්නි වාසීන්ට වැදගත් සෞඛ්‍ය දැනුම්දීමක්

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ජැපනීස් එන්සෙපලයිටීස් එන්නත සඳහා සුදුසුකම් ලබන ක්‍රමවේදය ව්‍යාප්ත කර තිබෙනවා.

ඒ අනුව අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට කිසිදු පූර්ව අවශ්‍යතාවයකින් තොරව එන්නත ලබාගැනීමට හැකිවනු ඇති.

මෙතෙක් පැවති කොන්දේසියට අනුව ඔවුන් එන්නත ලබාගැනීමට අයදුම් කිරීම සඳහා අවම වශයෙන් පැය 04 ක කාලයක් නිවසින් පිටතට රැඳී සිටීම අනිවාර්යව පැවතුණා.

මීට අමතරව මාස 02 කට නොවැඩි ඕනෑම අයෙකු ජැපනීස් එන්සෙපලයිටීස් එන්නත සඳහා සුදුසුකම් ලබනවා.

මදුරුවන් මගින් ව්‍යාප්ත වන ජැපනීස් එන්සෙපලයිටීස් වෛරසය මෙල්බන් සහ සිඩ්නි නගර ආශ්‍රිතව සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමයි මීට හේතුව වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »