ඔස්ටේ‍රලියාව තුළ බීර මිළ ලබන 01 දා සිට නැවතත් ඉහළට

ඔස්ටේ‍රලියාව තුළ බීර මිළ ගණන් නැවතත් ඉහළ දමා තිබෙනවා.

ලබන පළමුවනදා සිට බීර සඳහා වන බදු වැඩිකර තිබීම ඊට හේතුවයි.

මේ අනුව සියයට 3.7 කින් බීර මිළ වැඩි වන අතර සාමාන්‍ය වීදුරුවක මිළ ඩොලර් 12 දක්වා ඉහළ යාමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාව තුළ බීර මිළ තීරණය කිරීම උද්ධමනයට සමගාමීව සිදුකෙරෙන අතර සෑම මාස 06 කටම වරක් සංශෝධනය කෙරෙනවා.

ලබන පෙබරවාරි පළමුවනදා මිළ වැඩි කිරීමත් සමග ලොව බීර සඳහා වැඩිම බදු අය කරන රට බවට ඔස්ටේ්‍රලියා පත්වන්නේ දැනට එම ස්ථානයේ පසුවන ජපානය – නෝර්වේ සහ ෆින්ලන්තය අභිබවා යමිනුයි.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව වාර්ෂිකව ඔස්ටේ්‍රලියානුවන් විසින් පරිභෝජනය කරනු ලබන බීර ප්‍රමාණය ලීටර් මිලියන 74.6 ක්.

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »