Search

ඕක්ලන්ඩ් නුවරට වාර්තාගත වැස්සක් – ගුවන් තොටුපළත් යටවෙයි

ධාරාණිපාත වැසි ඇද හැලීමෙන් හටගත් ජල ගැලීම් හේතුවෙන් නවසීලනත්යේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මාස 03 ක පමණ කාලයකදී අපේක්ෂා කෙරෙන වර්ෂාපතනයක් ඊයේ දිනයේ පැය 15 ක කාලයකදී පතිත වී ඇති බව සඳහන්.

නවසීලන්තයේ ප්‍රධානතම ගුවන් තොටුපළ වන ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළද අඩි කිහිපයක් ජලයෙන් යටවීමෙන් දැඩි බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ගුවන් ගමන් සියල්ල නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව ගුවන් තොටුපළ බළධාරීන් සඳහන් කලා.

මෙතෙක් ජනවාරි මාසයකදී ඕක්ලන්ඩ් නගරයට ඇදහැලී තිබූ වැඩිම වර්ෂාපතනය 1986 වසරේදී වාර්තා වී තිබුණේ මිලිමීටර් 206 ක් ලෙසයි.

එය මේ වසරේදී මිලිමීටර් 320 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මේ අතර සති අන්තය පුරා ඕක්ලන්ඩ් නගරයේ සංවිධාන කර තිබු සියලු සංගීත ඉසව් අවලංගු කර ඇති අතර ජනප්‍රිය ගායක එල්ටන් ජෝන් සහභාගීවීමට නියමිත වූ ප්‍රසංගයක්ද ඒ අතර වනවා.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »