Northern Territory ඇල්කොහොල් තහණම ගැන ඡන්දයක්

ඇල්කොහොල් තහණම සම්බන්ධයෙන් ස්වදේශික ජනතාවගේ මතය විමසීමට නොදන් ටෙරිටරි ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්තයේ කලාප කිහිපයක බලාත්මක වු මත්පැන් සීමා පසුගිය ජූලි මාසයේදී අවසන්වීමත් සමග ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළයාමක් දක්නට ලැබුණා.

එහි උච්චතම අවස්ථාව පසුගිය සතියේදී සටහන්වූයේ තරුණු කොටස් අතර ගැටුම් ඉහළයාමත් සමගයි.

ඒ අනුව අගමැති ඇන්තනී ඇල්බනීස් ද ඇලිස් ස්ප්‍රිංග්ස් ප්‍රදේශයේ සංචාරය කල අතර මත්පැන් අලෙවි සීමා යළි බලාත්මක කිරීමටයි එහිදී තීරණය කෙරුණේ.

කෙසේවෙතත් මේ සඳහා පක්ෂ විපක්ෂ අදහස් මතුවීම සැලකිල්ලට ගෙනයි මහජන මතය විමසීමකට නොදන් ටෙරිටරි ප්‍රාන්ත රජය සහ මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »