Search

ඔස්ටේ්‍රලියාවේ විදුලි පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්

මාස කිහිපයක් පුරා ඉහළ ගිය ඔස්ටේ්‍රලියාවේ විදුලි බිල් ගාස්තු නැවතත් අඩුවන ළකුණු පළවී තිබෙනවා.

ඒ අනුව එක් එක් ප්‍රාන්තයේ සියයට 29 ත් 44 ත් අතර අගයන්ගෙන් විදුලි ගාස්තු අඩුවිය හැකි අතර එමගින් ඩොලර් 230 ක පමණ සහනයක් පාරිභෝගිකයන්ට ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.

විදුලි බිල වැඩිම අගයකින් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වන අතර එම ප්‍රතිශතය සියයට 44 ක්.

නිවු සවුත් වේල්ස් හි සියයට 38 කින් – දකුණු ඔස්ටේ්‍රලියාවේ සියයට 32 කින් – වික්ටෝරියා ප්‍රාන්තයේ සියයට 29 කින් විදුලි ගාස්තු අඩු වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

කිසියම් ආකාරයකින් සිය විදුලි සැපයුම්කාර සමාගම විසින් ගාස්තු අඩු නොකරන්නේ නම් වහා වෙනත් සැපයුම්කරුවෙකු වෙත යොමුවන ලෙසයි ෆෙඩරල් රජය දන්වා සිටින්නේ.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »