
ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර ප්‍රාන්ත කිහිපයකට ඉදිරි සතිවලදී ගෑස් හිගයක් ඇතිවනු ඇති බවට පාරිභෝගික කොමිසම විසින් අනතුරු අගවනවා.
වාර්ෂික ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 05 ක පමණ හිගයක් දැනටමත් නිර්මාණය වී තිබීමයි ඊට හේතුව වන්නේ.
මේ අතර පෙබරවාරි පළමුවනදා සිට ගෑස් මිළ ගණන් ඉහළ දැමීමටද සමාගම් කිහිපයක් සූදානමින් පසුවනවා.

ගෑස් හිගයට එයද බලපානු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ගෑස් මිළෙහි ඉහළයාම සටහන් වනු ඇත්තේ සියයට 26 කිනුයි.

ගෑස් මිළ ගණන් සඳහා උපරිම අගයක් පවා පණවා ඇති වාතාවරණයකදීයි ගෑස් සම්බන්ධයෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ.