කොවිඩ් ප්‍රභේද 02 ක් ඉලක්ක කර Pfizer එන්නතකට ඔස්ටේ්‍රලියාවෙන් අනුමැතිය

ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය (TGA) මගින් Pfizer හි bivalent COVID-19 එන්නත සඳහා තාවකාලික අනුමැතිය ලබා දී ඇත.

BA.4 සහ BA.5 ප්‍රභේද ඉලක්ක කර ගනිමින් මොවුන් වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර එන්නතක් ලෙස එය භාවිතා කිරීමට මෙලෙස අනුමැතිය ලබා දී තිබේ.

Pfizer සමාගමේ BA.1 Omicron මුල් bivalent එන්නතට 2022 ඔක්තෝබර් 27 දින තාවකාලිකව අනුමැතිය ලැබිණ.

මේ වනවිට ප්‍රාන්ත සහ ටෙරිටරි වලින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංක්‍යාව අඛණ්ඩව අඩුවෙමින් පවතී.

ගෙවීගිය සතිය පුරා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 7,653 ක් වාර්තා වූ අතර පෙර සතියේ ආසාදිතයින් 9,062 ක් වාර්තා විය.

ඒ හා සමානව, වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 3,446 ක් වාර්තා වූ අතර, එය පෙර සතියේ ආසාදිතයින් 4,912 ට සාපේක්ෂව අඩු අගයකි.

(SBS)

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »