Search

දකුණු ඔස්ටේ්‍රලියාවේ E-scooter නීති ලිහිල් කරන්න යයි

E-scooter භාවිතය සම්බන්ධ නීති ලිහිල් කිරීමේ යෝජනාවක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත විපක්ෂය සූදානම් වනවා.

ඒ අනුව ලියාපදිංචි නොකරන ලද E-scooter භාවිතයටද අවසර හිමිවන අතර බලපත්‍රයක් සහිත වීමද අනිවාර්ය වන්නේ නැහැ.

දැනට ඇඩිලේඩ් නගරයේ භාවිත කල හැකිවනුයේ ලියාපදිංචි සමාගම් දෙකකින් කුළියට ගන්නා E-scooter පමණයි.

ලිබරල් පක්ෂයේ යෝජනාව සම්මත වුවහොත් පුද්ගලික භාවිතය සඳහා මිලදී ගන්නා E-scooter සඳහාද අවසර හිමිවනවා.

කෙසේවෙතත් ඒවායෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 25 ක් ලෙස පවත්වාගත යුතුයි.

දකුණු ඔස්ටේ්‍රලියාවේ දැනට පවතින නීති අනුව පුද්ගලික E-scooter භාවිත කරන්නන්ට ඩොලර් 2000 ක දඩයක් නියම වනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »