සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ පියා ට ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගීවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.
මෙරට සිටින යුක්රේන තානාපතිවරයා විසිනුයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජයට එම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ.
මෙල්බන් ටෙනිස් ක්‍රීඩාංගණයේදී රුසියානු ධජය සහිතව සිටින පිරිසක් සමග ඡායාරූපයකට පෙනී සිටි බවටයි ජොකොවිච් ගේ පියාට චෝදනා එල්ල වන්නේ.
කෙසේවෙතත් මෙවර ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී රුසියානු සහ බෙලරුසියානු ජාතික කොඩි ප්‍රදර්ශනය තහණම් කර තිබෙනවා.
එබැවින් නොවැක් ජොකොවිච් ගේ පියා සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා ලෙසටයි යුක්රේනය ඔස්ටේ්‍රලියාවෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනයට ඔස්ටේ්‍රලියාව විසින් දක්වා ඇති සහයේ කිසිදු වෙනසක් නොමැති බව අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරනවා.