Search

Social Media තරු 100 ක් ගැන ඔස්ටේ්‍රලියාවෙන් විමර්ශන

සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිත 100 කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඔවුන් විසින් මූල්‍යමය ලාභ තකා විවිධ අසත්‍ය සහ වැරදි දෑ සමාජගත කරන බවට ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගෙනයි.

විශේෂයෙන් රූපලාවන්‍ය – ආහාර පාන – විලාසිතා – ශරීර සුවතා සහ පවුල් ජීවිත වැනි සාධක මත ඇතැම් වෙළඳ සන්නාම ප්‍රවර්ධනය කිරීමෙහි ව්‍යාපෘතිවල මෙම පිරිස් නිරතවී සිටින බවටයි ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම චෝදනා කරන්නේ.

මෙම පුද්ගලයන් විසින් ෆේස්බුක් – ඉන්ස්ටග්‍රම් – යූ ටියුබ් – ටික්ටොක් සහ ස්නැප්චැට් වැනි සමාජ ජාල හරහා මුදල් ගෙවා පළකරන දැන්වීම් තුළින් නොමග යවන සුලු තොරතුරු ප්‍රචාරය කරන බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

මෙම විමර්ශනය අවසානයේදී ලබන මස 03 වනදා අදාළ සියලු සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිත නම් ගම් සහිතව හෙළි කරන බවටත් ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම අනතුරු අගවනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »