ජනමත විචාරණයට ස්වදේශික ජනතාවගෙන් අති බහුතරයක සහය

ස්වදේශික ජනතාව සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපයේදී ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනාවට ස්වදේශික ජනතාවගෙන් අති බහුතරයක් සහය පළකරන බව අනාවරණ වී තිබෙනවා.

ගෝලීය සමික්ෂණ සමාගමක් විසින් සිදුකල අධ්‍යයනයකදීයි ඒ බව හෙළිවී ඇත්තේ.

ඇබොරිජින් ඇතුලු ස්වදේශික ජනතාවගෙන් සියයට 80 ක් පමණ මේ සඳහා එකග බව සඳහන්.

සියයට 10 ක් අදාළ යෝජනාවට විරුද්ධත්වය පළ කර ඇති අතර ඉතිරි සියයට 10 මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

පසුගිය ෆෙඩරල් මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් අනුවයි ස්වදේශික නියෝජනයක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා ඇන්තනී ඇල්බනීස් රජය විසින් මෙම ජනමත විචාරණය ගෙන ඒමට සූදානම් වන්නේ.

වසර 20 කට පමණ පසු ඔස්ටේ්‍රලියාව තුළ පැවැත්වෙන පළමු ජනමත විචාරණයද මෙයවීම විශේෂත්වයක්.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »