NSW පාසල් කලාපවල රථවාහන නීති අද සිට යළිත්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් කලාපවල රථවාහන නීති අද සිට යළි බලාත්මක කර තිබෙනවා.

නව වාරය සඳහා බොහෝ පාසල් යළි ආර්ම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන සතියේදී වුවද අද සිටම රෙගුලාසි බලාත්මක වනු ඇති.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝ පාසල් කලාප ක්‍රියාත්මක වන්නේ පෙරවරු 08 ත් 09.30 ත් අතර සහ පස්වරු 2.30 ත් පස්වරු 04 ත් අතරයි.

පාසල් කලාප තුළදී පැයට කිලෝමීටර් 40 ක උපරිම වේගයක් පවත්වාගත යුතු වනවා.

එම නීති කඩකලහොත් ඩොලර් 494 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 02 ක් නියම වනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »