ජෙට් ස්ටාර් ගුවන් යානයක් ජපානයේදී පැය 40 ක් ප්‍රමාදවෙයි

ජෙට් ස්ටාර් ගුවන් යානයක් ජපානයේදී පැය 40 කට ආසන්න කාලයක් ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන්ට දැඩි දුෂ්කරතා එල්ල වී තිබෙනවා.

පසුගිය අගහරුවාදා රාත්‍රී 09 ට ජපානයේ ඔසාකා නුවර කන්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කෙයාර්න්ස් නගරය දක්වායි එය ගමන් කිරීමට නියමිතව තිබුණේ.

කෙසේවෙතත් අවස්ථා 02 කදි ගුවන් ගමන අවලංගු කර ඊයේ පස්වරු 04.15 ට පමණ එය ඔසාකා නුවරින් පිටත්ව ඇති බව සඳහන්.

ගුවන් තොටුපළේදී ආහාර සහ ජලය නොමැතිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට ලක්වූ බව ගුවන් මගීන් පවසා තිබෙනවා.

එමෙන්ම ජපානයේ මේ දිනවල පවතින අධික ශීතල හේතුවෙන්ද තමන් ඉමහත් පීඩාවකට ලක්වූ බවයි JQ 16 ගුවන් යානයෙන් ඔස්ටේ්‍රලියාවට පැමිණිමට නියමිතව සිටි ගුවන් මගීන් සඳහන් කර තිබුණේ.

මේ අතර ජෙට් ස්ටාර් ගුවන් සේවය පවසන්නේ අධික හිමපතනය හමුවේ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවයක් පැවති බවයි.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »