සෑම ඔස්ටේ්‍රලියානු සේවකයෙකුටම $ 7000 ක වාර්ෂික වැටුප් වැඩිවීමක් ඉල්ලයි

ඉහළ යන ජීවන වියදමට මුහුණදීම සඳහා සෑම ඔස්ටේ්‍රලියානු සේවකයෙකුටම ඩොලර් 7000 ක වාර්ෂික වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

දැනට සියයට 7.8 ක් ලෙස පවතින උද්ධමනයත් සමග වසරකට ඩොලර් 92,030 ක් උපයන අයෙකුට අවම වශයෙන් ඩොලර් 7,178 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවයි මෙහිදී තහවුරු වී ඇත්තේ.

විශේෂයෙන් cash rate අගය සහ උද්ධමනය අඛණ්ඩව ඉහළයාම හමුවේ නිවාස ණය ගෙන ඇති ඔස්ටේ්‍රලියානුවන්ට මාසික වාරික ඉහළයාම ප්‍රබල ගැටලුවක් බවයි වාර්තා වී ඇත්තේ.

ඩොලර් ලක්ෂ 05 ක ණයක් ගෙන ඇති අයෙකුට පසුගිය මැයි මාසයේ සිට මාසික වාරික වැඩිවීම ඩොලර් 908 ක් බවයි මූල්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ප්‍රමාණවත් වැටුපක් නොලැබීම මත ඇතැමුන් සිය රැකියා ක්ෂේත්‍රය වෙනස් කිරීමට පවා පෙළඹි ඇති බවයි අනාවරණ වන්නේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »