ගතවූ මාස 06 දී ඔස්ටේ්‍රලියාව තුළ මිළ අඩුවූ ආහාර ද්‍රව්‍ය මෙන්න

ගතවූ මාස 06 දී ඔස්ටේ්‍රලියාව තුළ මිළ අඩුවූ ආහාර ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව තක්කාලි මිල සියයට 28 කින් / ඌරු මස් මිළ සියයට 10 කින් / කුකුල් මස් මිළ සියයට 07 කින් පහළ ගොස් ඇති බවයි වෙළඳපොළ වාර්තා පවසන්නේ.

කෙසේවෙතත් පෙයාර්ස් – තක්කාලි – අලිගැටපේර – ධාන්‍යමය ආහාර – කෝපි ඇතුලු වර්ග රැසක මිල ගණන් සියයට 50 ත් සියයට 200 ත් අතර අගයන්ගෙන් වැඩිවී ඇති බව නවතම සංඛ්‍යාලේඛණවල සඳහන්.

සමස්තයක් ලෙස පසුගිය වසරේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ වැඩිවීම සියයට 15 ක් වන අතර අවසාන මාස 06 දී පමණක් භාණ්ඩ මිළ ඉහළයාම සියයට 08 ඉක්මවා තිබෙනවා.

මෙම දත්ත නිකුත් කර ඇත්තේ වූල්වරත්ස් සහ කෝල්ස් යන සුපිරි වෙළඳසැල් මගින් ලබාගත් තොරතුරු ආශ්‍රයෙනුයි.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »