ගෙදර ඉඳන්ම Shopping කරන්න ඔස්ටේ්‍රලියාවේ ලාංකිකයන්ට අද සිට අලුත් වැඩක්

ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළයට ගැනීමේදී මෙල්බන් හි සිටින ලාංකිකයන් පළමුවෙන්ම පිය නගන සුපිරි වෙළඳසැල් ජාලය වන ඔනාරෝ ෆුඩ්ස් අද තවත් ඉදිරි පියවරක් තබනු ලැබුවා.

ඒ සමස්ත ඔස්ටේ්‍රලියාව පුරාම සිටින ලාංකිකයන් ඇතුලු සමස්ත ප්‍රජාවම ඉලක්ක කර භාණ්ඩ බෙදා හැරීම ව්‍යාප්ත කරමිනුයි.

ඔනාරෝ ෆුඩ්ස් විසින් සිය පළමු අලෙවි සැල 2015 වසරේ මාර්තු 23 වනදා ක්‍රැන්බර්න් හි විවෘත කල අතර දෙවැන්න 2020 වසරේ අගොස්තු 06 වනදා ක්ලයිඩ් හිදී ආරම්භ කරනු ලැබුවා.

මෙහිදී මෙල්බන් සිටින ලාංකිකයන්ට පමණක් පහසුකම් සැලසුණු අතර ඉන් ඔබ්බට ගොස් සමස්ත ඔස්ටේ්‍රලියාවම ආවරණය වන පරිදි පුලුල් ජාලයක් ආරම්භ කිරීමටයි ඔනාරෝ විසින් අද මුල පුරනු ලැබුවේ.

ඒ අනුව www.onaroonline.com වෙබ් අඩවියට පිවිස ඔබට අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීමේ හැකියාව පවතින අතර ඕස්ට්‍රේලියාවේ වේගවත්ම භාණ්ඩ බෙදාහැරීම සේවාව සමග එක්ව ඒවා ඔබේ නිවසටම බෙදා හැරීමට ඔනාරෝ කටයුතු යොදා තිබෙනවා.

ඔස්ටේ්‍රලියාව පුරා විහිදී සිටින ලාංකිකයන්ට විශ්වසනීයව සහ ආරක්ෂිතව නිවසටම තමන්ට අවශ්‍ය ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට මෙමගින් අවස්ථාව උදාවනවා.

එමෙන්ම භාණ්ඩ මිළදී ගැනීම සඳහා නිවසින් පිටතට යන කාලය ඉතිරිවීමත් එම කාලය පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග සිටීමට යොදාගත හැකිවීමත් මෙහි ඇති විශේෂත්වයයි.

ඔස්ටේ‍රලියාව පුරා විසිරී සිටින ලාංකිකයන්ට තාලය – ශ්‍රමය පමණක් නොව වාහන සඳහා වැයවන ඉන්ධන පවා ඉතිරි කරගනිමින් නිවසටම ඉතා පහසුවෙන් භාණ්ඩ ගෙන්වා ගැනීමට දැන් කල යුතු වන්නේ www.onaroonline.com වෙත පිවිස අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම පමණයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »