Australia Day දින ස්වදේශික ජනතාව රට පුරා විරෝධතාවල

Australia Day සැමරීම වෙනුවෙන් රට පුරා උත්සව මෙන්ම විරෝධතාද සංවිධාන කර තිබෙනවා.

සිඩ්නි නගරයේ පැවැත්වෙන විරෝධතාවයට ස්වදේශික ජනතාව දහස් ගණනක් සහභාගී වී සිටින බව සඳහන්.

මීට සමගාමීව මෙල්බන් – කැන්බරා – ඇඩිලේඩ් – පර්ත් සහ හෝබාට් යන නගරවලදීද විවිධ උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර කැන්බරා නුවර පැවති ප්‍රධාන Australia Day දින සැමරුම් උත්සවයේදී අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ වත්මන් ලේබර් පක්ෂ රජය සියලු ජාතීන්ට එක හා සමානව සළකන බවයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ජනමත විචාරණ යෝජනාවද එහි එක් පියවරක් බව ඔහු අවධාරණය කලා.

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුම් නිසා ප්‍රාන්තයේ නීති වෙනස් වෙන ලකුණු

සිඩ්නි හි ප්‍රදේශ දෙකක සිදු වූ පිහි ඇනුම් භයානක ප්‍රවණතාවක් බව බටහිර ඔස්ට්‍රේලියාවේ නීතිපති ජෝන් ක්විග්ලි අනතුරු අඟවනවා.

Read More »

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »