පොදු අධ්‍යාපනය සඳහා වියදම් අධිකම නගරය බවට මෙල්බන් පත්වෙයි

ඔස්ටේ්‍රලියාවේ පොදු අධ්‍යාපනය සඳහා වියදම් අධිකම නගරය බවට මෙල්බන් පත්වී තිබෙනවා.

මෙල්බන් පදිංචි දෙමව්පියන්ට වසර 13 ක අධ්‍යාපනය අවසන් කිරීම සඳහා සිය එක් දරුවෙකු වෙනුවෙන් දැරීමට සිදුවන සාමාන්‍ය මුදල ඩොලර් 102,807 ක් බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

එය සමස්ත රටේම අධ්‍යාපන වියදම හා සැසඳීමේදී සියයට 17 ක ඉහළයාමක් බව සඳහන්.

උපකාරක පංති – නිල ඇඳුම් සහ ලැප්ටොප් වැනි දෑ සඳහායි වැඩිම වියදමක් දැරීමට සිදුවී ඇත්තේ.

සිඩ්නි නගරය දෙවන ස්ථානයට පත්වී ඇත්තේ ඩොලර් 89,500 ක සාමාන්‍ය වියදමක් සමගිනුයි.

ඩොලර් 77,002 ක සාමාන්‍ය වියදමක් සමග කැන්බරා නගරය 03 වන ස්ථානයට පත්ව තිබෙනවා.

පුද්ගලික අධ්‍යාපනය සැළකීමේදීත් වියදම් වැඩිම නගර දෙක බවට මෙල්බන් හා සිඩ්නි නගර පත්ව ඇති අතර වියදම් අවම නගරය බවට පර්ත් නුවර පත්වී තිබෙනවා.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »