Search

ක්වීන්ස්ලන්ඩ් බස් රියදුරන්ට තවත් කොටුවක්

පොදු ප්‍රවාහන සේවාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉදිරි වසර 05 තුළදී ඩොලර් මිලියන 60 ක මුදලක් වෙන් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

බස් රියදුරන්ට එල්ල වන පහරදීම් සහ තර්ජන ඉහළයාම සැළකිල්ලට ගෙනයි එම තීරණය ගෙන ඇත්තේ.

2018 වසරේදී බස් රියදුරෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීමත් සමග ක්වීන්ස්ලන්ඩ් බස් සහ ට්‍රෑම් රියදුරන්ට එල්ලවන බලපෑම් ඉහළ ගොස් ඇති බවටයි ප්‍රවාහන වෘත්තිය සමිති චෝදනා කරන්නේ.

ඒ අනුව රියදුරු අසුන ආවරණය වන පරිදි සෑම බස් රථයකටම අමතර ආවරණයක් යෙදීමටත් පොලිස් නිළධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමටත් පියවර ගැනෙනු ඇති.

ලබන මාසයේ සිටම මෙය ආරම්භ කෙරෙන අතර මේ සඳහා පමණක් ඩොලර් මිලියන 04 ක මුදලක් වෙන් කිරීමටද නියමිතයි.