දින 25 කදී දියේ ගිලී ඔස්ටේ්‍රලියාව තුළ 50 ක් මරණයට

මෙම වසරේ ගතවූ දින 25 තුළදී දියේ ගිලීම් හේතුවෙන් ඔස්ටේ්‍රලියාව තුළදී පුද්ගලයන් 50 කට අධික පිරිසක් මරණයට පත්වී තිබෙනවා.

උණුසුම ඉහළයාමත් සමග බොහෝ පිරිසක් ජලාශ්‍රිත කටයුතු සඳහා වැඩි නැඹුරුවක් දැක්වීමයි මීට හේතුවී ඇත්තේ.

ගංගා හෝ සාගරයේ දිය නෑමේදී විමසිලිමත් වන ලෙසටද බළධාරීන් ජනතාවට උපදෙස් දෙනවා.

හෙටට යෙදී ඇති Australia Day දින පොදු නිවාඩුවත් සමග විශාල පිරිසක් චාරිකා සඳහා යොමුවීම සැළකිල්ලට ගෙනයි මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත්තේ.

ගතවූ ජූලි මාසයේ සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේදී පමණක් දියේ ගිලීම් මරණ 29 ක් සටහන්වී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »