නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු පාසල්වල සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිළයේ ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා.
ප්‍රාන්ත පුරා පාසල්වල ඊට අදාළව යන්ත්‍ර 4600 කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කර ඇති බවයි ප්‍රාන්ත රජය නිවේදනය කලේ.
මේ සඳහා ෆෙඩරල් රජය මෙන්ම ස්වේච්ඡා සංවිධාන විසින්ද උපකාර ලබාදී තිබීම විශේෂත්වයක්.
සිසුවියන්ට කිසිදු අපහසුතාවයකින් තොරව අධ්‍යයන කටයුතුවල නිරතවීමට මෙමගින් පහසුකම් ලැබෙන බවද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධාරණය කරනවා.