Search

ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය 1990 න් පසු ඉහළම අගයට

ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය 1990 වසරෙන් පසු ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කර ඇති නවතම දත්තවල දැක්වෙන්නේ මේ වනවිට උද්ධමනය සියයට 7.8 ක් ලෙස පවතින බවයි.

පසුගිය වසරේ අවසාන කාර්තුවේදී මෙරට පාරිභෝගික මිළ දර්ශකය සියයට 1.9 කින් වැඩි වී ඇති බවයි එහි දැක්වෙන්නේ.

2000 වසරේදී ඔස්ටේ්‍රලියාව තුළ භාණ්ඩ හා සේවා බද්ද හඳුන්වාදීමෙන් පසු අඛණ්ඩව කාර්තු 04 කදී ජීවන වියදම ඉහළගිය පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ප්‍රවාහන – බලශක්ති සහ සිල්ලර අලෙවි වියදම් කැපී පෙනෙන ලෙස ඉහළයාම මෙම තත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.

මෙම තත්වය හමුවේ ලබන 07 වනදා රැස්වන ෆෙඩරල් සංචිත බැංකු විධායක මණ්ඩලය මගින් නැවතත් Cash rate අගය ඉහළ දමනු ඇති බවටයි ආර්ථික විශේලේෂකයන් අනාවැකි පළකරන්නේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »