“Danට සහය දෙනවනම් කෝපි එකට ඩොලර් 1ක් වැඩිපුර දෙන්න”

“Danට සහය දෙනවනම් කෝපි එකට ඩොලර් 1ක් වැඩිපුර දෙන්න”

“Do you support Dan? Add $1 to your order.”

වික්ටෝරියානු අගමැති හට කැමැත්ත දක්වන අය ඩොලර් 1ක් තමාගේ කෝපි ඇණවුමට එක් කරන ලෙසට ඉල්ලා ප්‍රදර්ශනය කරන ලද පුවරුවක් හේතුවෙන් මෙල්බර්න් හි Moorabbin ප්‍රදේශයේ Arcobar නැමති ආපන ශාලාවක් පිළිබඳව​ දැඩි කතා බහට ලක් වී ඇත​.

මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි ආපන ශාලාවක් විසින් උපහාසාත්මක වදනක් ප්‍රදර්ශනය කල නිසා ඇති වූ කලබලකාරී තත්වය හේතුවෙන් එම​ ව්‍යාපාරය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරියෙකු  ඊයේ රාත්‍රියේ යෙදවීමට සිදු වී තිබේ.

එහි සම හිමිකරු Franz Madlener වන අතර සතිය මුලදී එහි පුවරුවක් ප්‍රදර්ශනය​ කරන​ ලදි: “ඔබ ඩෑන්ට සහාය දෙනවාද? ඔබගේ ඇණවුමට ඩොලර් 1 ක් එකතු කරන්න. ”යනුවෙන් එහි සඳහන් විය​.

මෙය වික්ටෝරියානු අගමැති Dan Andrews විරෝධී නොවන අතර කුඩා ව්‍යාපාර කොරෝනා වෛරසයට​ එරෙහිව අනතුරු ඇඟවීමකි.

එහෙත් එතැන් සිට ආපනශාලාවට, කාර්ය මණ්ඩලයට සහ අයිතිකරුවන්ට “ඇදහිය නොහැකි තරම් තර්ජන” ලැබී තිබේ.

“මගේ කාර්ය මණ්ඩලයට සහ මට පෞද්ගලිකව අපට එල්ල වී ඇති ඇදහිය නොහැකි තරම් තර්ජන වලින් පසුව අපගේ කුඩා ව්‍යාපාරය ආරක්ෂා කිරීම සඳහා මට ආරක්ෂාව සැපයීමට සිදුවිය.” මැඩ්ලනර් එක රැයකින් පැවසීය.

“එය දේශපාලනික නොවේ. එය හුදෙක් උපහාසාත්මක” යැයි අදහස් කෙරිණි.

වික්ටෝරියා හි දැනට පවතින කොරෝනා නීති නිසා ආගන්තුක සත්කාර කර්මාන්තය අඩපණ  වී ඇති අතර වික්ටෝරියානු රජය නොවැම්බර් 1 වනදා විට සීමාවන් ලිහිල් කරන බවට පොරොන්දු විය.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »