Search

වසර ගණන් ඔස්ටේ්‍රලියාවේ රැකියා සෙවු අයට සුභ ආරංචියක්

ඔස්ටේ්‍රලියාව තුළ දීර්ඝ කලක් රැකියා නොමැතිව සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ යන බව සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පවසනවා.

දීර්ඝ කලක් රැකියා නොමැතිව සිටින ලෙස සැළකෙන්නේ සති 52 කට වැඩි කාලයක් රැකියාවක් නොමැතිව සිටීමයි.

මේ වනවිට එවැනි පුද්ගලයන් 128,000 ක් පමණ මෙරට සිටින බව සංඛ්‍යාලේඛණ වාර්තා පවසනවා.

කෙසේවෙතත් එය දැක්වෙන්නේ 2013 වසරෙන් පසුව සටහන් වන අඩුම අගය ලෙසයි.

කොවිඩ් වසංගතය ආරම්භ වූ 2020 වසරේ පෙබරවාරි මුල් සතියේදී එම අගය 253,000 ක් පමණ ලෙස පැවති අතර එය දැක්වුණේ 1994 වසරෙන් පසු සටහන්වූ වැඩිම දීර්ඝ කලක් රැකියා නොමැති සංඛ්‍යාව ලෙසයි.

ඔස්ටේ්‍රලියාව තුළ ක්ෂේත්‍ර රැසක රැකියා බිහිවීමත් සමග වරැකියා අනුපාතය කැපී පෙනෙන ලෙස පහළයාමයි මීට හේතුවී ඇත්තේ.

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »