Australia Day දින නීති විරෝධි ගිණි කෙළි සංදර්ශන පවත්වන්නන්ට නීතිය දැඩිව

Australia Day දිනයේදී නීති විරෝධි අයුරින් ගිණි කෙළි සංදර්ශන පවත්වන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අනතුරු අගවනවා.

බලපත්‍රයක් රහිතව එවැනි ක්‍රියාවල නිරත වන ඕනෑම අයෙකුට පවතින නීතිය අනුව පියවර ගන්නා බවටයි ඔවුන් දන්වා සිටින්නේ.

නව අවුරුදු උදාවේදීත් සිඩ්නි නගරයේ ඇතැමුන් මෙවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රාන්ත රජය සඳහන් කලා.

නිවු සවුත් වේල්ස් හි පවතින නීතියට අනුව නිසි අවසරයකින් තොරව ගිණි කෙළි භාවිත කරන – අලෙවි කරන – මිළදී ගන්නා – ගබඩා කර තබන හෝ ප්‍රවාහනය කරන අයෙකුට ඩොලර් 27,500 ක දඩයක් සහ මාස 12 ක සිර දඩුවමක් නියම කල හැකියි.

නිසි ප්‍රමිතියකින් තොර සහ පුහුණුවකින් තොරව ගිණි කෙළි භාවිත කලහොත් දැවැන්ත විනාශයක් සිදුවිය හැකි බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධාරණය කරන්නේ.

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »