Search

ඔස්ටේ්‍රලියාවට අලුතින් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියක්

නව මහ කොමසාරිස්වරියක්, තානාපතිවරයෙක් සහ සභාපතිවරු දෙදෙනෙක් පත් කිරීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (20) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පැවසීය.

ඒ අනුව, ඕස්ට්‍රේලියා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස චිත්‍රාංගනී වාගීස්වර පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

ඊශ්‍රායල් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එම්.එච්.එම්.එන්.බණ්ඩාර ගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20)

පාර්ලිමේන්තුවේදී රැස්විය.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »