Search

ඇමොක්සිලින් හිගය නොවිසඳුවහොත් අසාධ්‍ය රෝගීන් අවධානමේ

ඔස්ටේ්‍රලියාව පුරා පවතින ප්‍රතිජීවක ඖෂධ හිගයට ජාතික මට්ටමේ සැළැස්මක් සකස් කරන්නැයි ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

විශේෂයෙන් ඇමොක්සිලින් වැනි ඖෂධ හිගය ඉතා ඉක්මණින් මග හරවාගත යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

දැනට ඔස්ටේ්‍රලියාව පුරා ප්‍රතිජීවක ඖෂධ වර්ග 46 ක උග්‍ර හිගයක් පවතින බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

මෙම තත්වය වහා විසඳා නොගතහොත් අසාධ්‍ය රෝගීන්ට ඇති බලපෑම තවත් උග්‍ර වනු ඇති බවයි වෛද්‍ය විශේෂඥයන් අවධාරණය කරන්නේ.

මේ අතර මෙම ගැටලුවට ප්‍රධාන හේතුව ගෝලීය සැපයුම් අඩාලවීම බවත් කඩිනමින් විසඳුමක් ලබාදෙන බවත් ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පසුගියදා සඳහන් කලා.

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »