NSW රියදුරන්ට road toll ආපසු ලබාගැනීමට අවස්ථාවක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග ගාස්තු (road toll) සඳහා ගෙවන ලද මුදල් ආපසු ලබාගැනීමට රියදුරන්ට අද සිට අවස්ථාව උදාවනවා.

ඒ අනුව වසරකට අවම වශයෙන් ඩොලර් 375 ක මුදලක් එලෙස මාර්ග ගාස්තු සඳහා ගෙවා ඇති නම් සියයට 40 ක ගාස්තුවක් ආපසු ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති.

එලෙස ලබාගත හැකි උපරිම මුදල ඩොලර් 750 ක් වන අතර රියදුරන් ලක්ෂ 05 කට පමණ මෙම වරප්‍රසාදය අත්වන බව සඳහන්.

නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ සඳහන් කලේ ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කල ඩොලර් බිලියන 07 ක සහන පැකේජය යටතේ මෙම අවස්ථාව උදාවනවා.

පසුගිය ජූලි 01 වනදා සිට නිවු සවුත් වේල්ස් හි මාර්ග ගාස්තු ගෙවන ලද රියදුරන්ට මේ සඳහා ඉල්ලුම් කල හැකියි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »