වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

තමන්ට අදාළ නාගරික කවුන්සිල බල ප්‍රදේශයේදී නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ගැනීමේ හැකියාව දැන් වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ලැබී තිබෙනවා.

ඒ ප්‍රාන්ත රජය විසින් පවත්වාගෙන ගිය පී සි ආර් පරීක්ෂණ මධ්‍යස්ථාන වසා දැමීමත් සමගයි.

පරීක්ෂණ මධ්‍යස්ථානයක් වෙත යන සෑම අවස්ථාවකදීම කට්ටල 05 ක් බැගින් අඩංගු රැපිඩ් ඇන්ටිජන් පැකට්ටු 02 ක් තමා වෙනුවෙන් නොමිළයේ ලබා ගැනීමට මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අවස්ථාව පවතිනවා.

එමෙන්ම පවුලේ සෑම අයෙකුම සඳහා රැපිඩ් ඇන්ටිජන් පැකට්ටු 02 ක් බැගින්ද නොමිළයේ ලබා ගැනීමටයි ඔවුන්ට අවස්ථාව උදා වී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තය පුරා පිහිටුවා ඇති සෞඛ්‍ය මධස්ථාන 200 කදී පමණ මෙම පහසුකම් සළසා තිබෙනවා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »