
පසුගිය වසරේ අවසාන කාර්තුවේදී මෙරට සුපිරි වෙළඳසැල්වල භාණ්ඩ මිළ ඉහළයාම සියයට 9.2 ක් බව නවතම දත්ත වාර්තා අනාවරණය කරනවා.
එය ඊට පෙර කාර්තුවේදී සටහන්වී තිබුණේ සියයට 8.2 ක් ලෙසයි.
Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාල දෙකෙහි අලෙවි කරන නිෂ්පාදන වර්ග 60,000 ක පමණ මිළ ගණන් සංසන්දනය කරමිනුයි මෙම වාර්තාව සකස් කර ඇත්තේ.

චීස් වර්ගවල මිළ සියයට 24 කින් / කිරි මිළ සියයට 14 කින් සහ බටර් මිළ සියයට 18 කින් මෙම කාල සීමාවේදී ඉහළ ගොස් ඇතැයි සඳහන්.
මස් වර්ගවල මිළ ගණන් වැඩිවීම සටහන් වන්නේ සියයට 18 ක් ලෙසයි.

කෙසේවෙතත් මාස කිහිපයකට පෙර සීඝ්‍රයෙන් වැඩිවූ එළවලු සහ පළතුරු වර්ගවල මිළ මේ වනවිට ස්ථාවර අගයක පවතින බවයි දත්ත වාර්තා පවසන්නේ.