Search

සහකරුට පෙර වැරදි ඇතිදැයි දැනගන්න NSW වෙතින් පහසුකමක්

සිය සහකරුට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පෙර වැරදි ඇතිදැයි තහවුරු කර ගැනීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට නුදුරේදීම අවස්ථාව සළසා දීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඒ අනුව කිසියම් අයෙකුට සිය සහකරුට එරෙහිව අතීත වැරදි හෝ චෝදනා පවතීනම් ඒ පිළිබඳ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසියෙන් කරුණු විමසීමක් සිදුකල හැකියි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ස්වේච්ඡා සංවිධාන කිහිපයකද දායකත්වය යටතේයි පළමුවෙන් මාස 12 ක කාලයක් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන්නේ.

සියලු තොරතුරුවල පුද්ගලිකත්වය සහ රහස්‍යභාව ආරක්ෂා කරන බවටද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් සහතික වනවා.

https://www.9news.com.au/national/domestic-violence-register-launched-for-nsw-residents-trial-scheme-dominic-perrottet-announces/a8f5907e-4cd3-4428-8641-0d8cf97e3fe9

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »