Australia Day දිනයට සමගාමීව double demerits දින ප්‍රකාශයට

අනිද්දා දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ACT සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලබන 29 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා එම කාල සීමාව බලාත්මක වනවා.

වේග සීමා ඉක්මවා යාම – රිය ධාවනයේදී දුරකථන භාවිතය – ආසන පටි නොපැළඳීම එම වරදවල් අතර වනවා.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ Australia Day හැර අනෙකුත් සෑම පොදු නිවාඩු දිනයකදීම ද්විත්ව අප්‍රසාද ළකුණු ක්‍රමය බලාත්මක වනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මුලු වසර පුරාම මෙම ක්‍රමය බලාත්මකයි.

වික්ටෝරියා – දකුණු ඔස්ටේ‍රලියා – නොදන් ටෙරිටරි සහ ටස්මේනියා ප්‍රාන්තවල කිසිදු ආකාරයකින් ද්විත්ව අප්‍රසාද ළකුණු ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැහැ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »