ඔස්ටේ්‍රලියාවේ වඩාත් ක්‍රියාකාරීම ආර්ථිකය සහිත ප්‍රාන්තය නම්කෙරේ

ඔස්ටේ්‍රලියාවේ වඩාත් ක්‍රියාකාරීම ආර්ථිකය සහිත ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වී තිබෙනවා.

අන්තර් ප්‍රාන්ත සංක්‍රමණය මෙන්ම රැකියා වර්ධනය ඊට හේතුව බවටයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

මෙතෙක් පළමු ස්ථානයේ සිටි ටස්මේනියා ප්‍රාන්තය දෙවන ස්ථානයට පත්වී ඇති අතර ඉදි කිරීම් කර්මාන්තයේ රැකියා වර්ධනයත් සමග දකුණු ඔස්ටේ්‍රලියාව 03 වන ස්ථානයට පැමිණ ඇති බව සඳහන්.

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් යන ප්‍රාන්ත 02 ම 04 වන ස්ථානයෙි පසුවන්නේ.

ඔස්ටේ‍රලියාවේ වැඩිම සිල්ලර වෙළඳාම් සහිත ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය නැවතත් පත්ව තිබීමද විශේෂත්වයක්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »