
වසර 40 කට පසු Medicare සඳහා සංශෝධන රැසක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වෛද්‍යවරුන්ට අමතරව හෙදියන් සහ සහයක වෛද්‍ය කණ්ඩායම් විසින් සපයන සේවා සඳහාද මුදල් ලබාගැනීමට ඉඩකඩ සැළසෙනු ඇති.
මෙම සංශෝධන ලබන මැයි මාසයේදී ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයට අන්තර්ගත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් කියාසිටියා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවන අතරතුර රෝගීන්ට පහසුකම් සැළසීම ලේබර් රජයේ සැලසුම බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.
Medicare ක්‍රමයට සිදු කෙරෙන සංශෝධන සියල්ල ඉදිරි සති කිහිපයේදී ෆෙඩරල් රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
