බටහිර ඔස්ටේ්‍රලියා පොලිස් නිලධාරීන් සිය දිවි නසාගැනීම් ඉහළට

සිය දිවි හානි කරගන්නා බටහිර ඔස්ටේ්‍රලියානු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

රාජකාරි අතරතුර පීඩනයයි මීට බලපා ඇත්තේ.

2000 වසරේ සිට මේ දක්වා බටහිර ඔස්ටේ්‍රලියාවේ පොලිස් නිළධාරීන් 123 දෙනෙකු සිය දිවි හානි කරගෙන තිබුණා.

ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ 2015 වසරෙන් පසුව බව සඳහන්.

මෙම සංඛ්‍යාව රාජකාරි අතරතුරදී මියගිය පොලිස් නිලධාරින් සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පවසන්නේ.

2015 වසරෙන් පසු වැඩිම පොලිස් නිළධාරීන් සංඛ්‍යාවක් සියදිවි හානිකරගෙන ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තයේයි.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »