Search

ආරක්ෂාව ගැන ක්වන්ටාස්ගෙන් පැහැදිලි කිරීමක්

සිය ගුවන් ගමන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් උද්ගත වී නොමැති බව ක්වන්ටාස් ගුවන් සේවය පවසනවා.

ගතවූ සතිය තුළ අවස්ථා 05 කදී ක්වන්ටාස් ගුවන් යානා සම්බන්ධ තාක්ෂණික ගැටලු මතුවීමත් සමගයි ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

මෙහිදී අවස්ථා 04 කදී ගුවන් යානා ආපසු හරවාගෙන පැමිණි අතර වඩාත් අවධානම් අවස්ථාව ලෙස සටහන්වූයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට සිඩ්නි දක්වා පැමිණි ක්වන්ටාස් යානයක එක් එන්ජිමක් ක්‍රියාවිරහිත වීමයි.

සෙසු ගුවන් සමාගම් හා සැසඳීමේදී ක්වන්ටාස් යානා ආපසු හරවා ගෙන පැමිණීම් ඉතා අඩුවෙන් සටහන් වන බවයි එහි පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ.

ලොව ආරක්ෂිතම ගුවන් සේවය බවටද ක්වන්ටාස් පසුගියදා නම් කෙරුණා.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »