ඔස්ටේ්‍රලියාව තුළ උද්ධමනය උපරිම අගයට

ඔස්ටේ්‍රලියාව තුළ උද්ධමනය උපරිම අගයට ළගාවී ඇතැයි අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

මේ වනවිට මෙරට උද්ධමනය සියයට 7.3 ක් ලෙස පවතින අතර එය 2020 වසරේදී පැවතියේ සියයට 0.85 ක් ලෙසයි.

ගතවු මාස 12 දී ඔස්ටේ‍රලියාවේ උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළයාමක් පෙන්නුම් කරනු ලැබුවේ රුසියානු – යුක්රේන යුද්ධය ප්‍රමුඛ ගෝලීය අර්බුද ඇතුලු සාධක සැළකිල්ලට ගෙනයි.

ආර්ථික විශේෂඥයන් අනතුරු අගවා ඇත්තේ මෙම වසර තුළදී මෙරට උද්ධමනය සියයට 08 කට ආසන්න වනු ඇති බවටයි.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය සියයට 3.5 ක් වැනි අවම අගයක පැවතීම සුභදායක බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරන්නේ.

මේ අතර ඉදිරි ආර්ථික පුරෝකථන සම්බන්ධයෙන් නිල දත්ත ලබන බදාදා දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »