Search

වික්ටෝරියා ඔස්ටේ්‍රලියා දින පෙළපාලිය අවලංගුයි

මෙවර ඔස්ටේ්‍රලියා දින පෙළපාලියක් නොපැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ජාතික කොඩිය එසවීමේ සහ ආචාර වෙඩි මුර පැවැත්වීමේ උත්සවය සැළසුම් කල පරිදි පවත්වන බවයි ප්‍රාන්ත රජය නිවේදනය කර සිටින්නේ.

ජනවාරි 26 වන දිනයට යෙදී ඇති ඔස්ටේ්‍රලියා දිනය ස්වදේශික ජනතාව ආක්‍රමණයට ලක්වූ දිනයක් ලෙස සළකා සැමරුම් අවලංගු කරන ලෙසයි පාර්ශව රැසක් ෆෙඩරල් රජයෙන් මෙන්ම ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා සිටියේ.

ඇතැම් නාගරික කවුන්සිල විසින් ඔස්ටේ්‍රලියා දින සැමරුම් වෙනත් දිනයක පැවැත්වීමේ යෝජනාද මේ වනවිට සම්මත කරගෙන අවසන්.

කෙසේවෙතත් කිසියම් සංවිධානයකට හෝ පාර්ශවයකට එය එදිනම සැමරීමේ කිසිදු අවහිරතාවයක් නොමැති බවද බළධාරීන් දන්වා සිටිනවා.