ක්වීන්ස්ලන්ඩ් පාසල් කලාපවල නව වේග සීමා කැමරා අද සිට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් කලාපවල නව වේග සීමා කැමරා ක්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.

පළමු පාසල් වාරය වෙනුවෙන් සිසුන් නැවතත් පාසල් වෙත පැමිණීමට සමගාමීවයි එය ක්‍රියාත්මක කර ඇත්තේ.

පාසල් කලාප ආශ්‍රිතව රථවාහන වැරදි සිදුකරන පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබාදෙන බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ප්‍රවාහන බළධාරීන් සඳහන් කලා.

පසුගිය වසරේදී ක්වීන්ස්ලන්ඩ් හි මාරක රිය අනතුරු හමුවේ පුද්ගලයන් 299 දෙනෙකු මියගොස් ඇති අතර මෙම වසරේ ගතවූ දින 22 තුළදී පමණක් මරණ 13 ක් සටහන්වී තිබෙනවා.

පසුගිය වසර 04 තුළදී නිකුත් කර ඇති දඩ පත්‍රිකා සංඛ්‍යාව 50,000 කට අධිකයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »