Search

ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලයේ නියෝජිතයන් ලෙසින් සිදුකරන වංචාවක්

ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලයේ නියෝජිතයන් ලෙසින් හඳුන්වාගන්නා පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචාවක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ඉල්ලීමක් සිදු කෙරෙනවා.

බදු පැමිණිලි පිළිබඳ විමසීම් කර ඇති පුද්ගලයන් හා සම්බන්ධ වෙමින් ෆේස්බුක් – ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේයි මෙම වංචාව සිදු කරනු ලබන්නේ.

ඔවුන්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුමක් ලබාදිය හැකි බවට පවසමින් වංචනික ලෙස මුදල් ජාවාරම් සිදු කිරීම මෙහිදී සිදුවන බව සඳහන්.

අදාළ පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය තුළ ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලය හා සමාන අයුරින් ව්‍යාජ ගිණුම් සකස් කර ඇති බවටද හඳුනාගෙන තිබෙනවා.

බදු විමසීම් කරුණුවලදී සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන විමසීම් සඳහා ප්‍රතිචාර දක්වන්නන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙසටයි ෆෙඩරල් රජය ජනතාවට දන්වා සිටින්නේ.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »