Search

පුහුණු සේවක හිගය මගහරවන්න තවත් යෝජනාවක්

ඔස්ටේ්‍රලියානු ආර්ථිකය කඩා නොවැටීම සඳහා කෙටි කාලීන කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ව්‍යාපාරික ප්‍රජාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා.

විශේෂයෙන් උද්ධමනය ඉහළ යාම පාලනය සහ උග්‍ර සේවක හිගයට ඉක්මන් විසඳුමක් දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

උද්ධමනය සියයට 08 කට ආසන්න වනු ඇති බවට මුදල් ඇමති ජිම් චාමර්ස් කල ප්‍රකාශය මීට හේතුවී තිබෙනවා.

පුහුණු සේවක හිගය මගහරවාලීම සඳහා ආධුනිකයන්ට සහන ලබාදී ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම ප්‍රධාන යෝජනාවක්.

එමගින් පුරප්පාඩු සම්පූර්ණ කරගත හැකි බවයි ඔස්ටේ්‍රලියා ව්‍යාපාරික කවුන්සිලය අවධාරණය කරන්නේ.