Search

මෙල්බන් ටැක්සි රියදුරන්ගෙන් අනතුරු ඇගවීමක්

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ අසල සේවා කටයුතුවලින් ඉවත්වන බවට මෙල්බන් ටැක්සි රියදුරන් අනතුරු අගවනවා.

තමන් විසින් අධික ගාස්තු අයකරන බවට ඇතැමුන් අසත්‍ය චෝදනා නගා ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

රාත්‍රී කාලයේදී පමණක් සේවා ගාස්තු ඉහළ දමා ඇති බවත් එයද ඉතාම සුලු අගයකින් පමණක් බවත් මෙල්බන් ටැක්සි රියදුරන් අවධාරණය කරනවා.

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ අසල සිටින ටැක්සි රියදුරන් විසින් අසීමිත ලෙස ඉහළ ගාස්තු අයකරන බවටයි නරඹන්නන් විසින් චෝදනා කර තිබුණේ.

කිලෝමීටර් කිහිපයක දුරක් යාමට ඇතැම් රියදුරන් ඩොලර් සියයක් වැනි ඉහළ ගාස්තු අය කල අවස්ථාද පැවති බවට ප්‍රේක්ෂකයන් චෝදනා කර තිබුණා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »