භාවිතයට නොගත් Myki කාඩ්පත් වල $ මිලියන 104 ක් වික්ටෝරියා රජයට

මිළදී ගෙන භාවිතයට නොගත් මයිකි (Myki) කාඩ්පත් වල එකතුවී ඇති ඩොලර් මිලියන 104 ක මුදලක් වික්ටෝරියා ප්‍රාන්ත රජයට ලැබෙන ළකුණු පළවී තිබෙනවා.

ගතවූ වසර 10 පුරා අලෙවි වී ඇති මයිකි කාඩ්පත් සංඛ්‍යාව මිලියන 42 කට ආසන්න බවටයි ගණන් බලා ඇත්තේ.

කෙසේවෙතත් මාස 12 ක කාලයක් යනතුරු දුම්රිය – බස් හෝ ට්‍රෑම් රථයක භාවිතයට නොගත් කාඩ්පත් වල ඇති ඉතිරි මුදල් වික්ටෝරියා රජයේ විශේෂ බැංකු ගිණුමකට එකතුවීම සිදුවනවා.

මෙම මුදල් නැවත ලබා ගැනීමට හෝ අලුත් කාඩ්පතකට හුවමාරු කරගැනීමට අවස්ථාව පවතිනවා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත රජය පසුගියදා නිවේදනය කලේ MyKi කාඩ්පත් ක්‍රමය වෙනුවට පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගන්නා බවයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »