
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සමග පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණයට එළැඹී ඇත්තේ.
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව කොවිඩ් පාලන ක්‍රමවේද හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය 17 වැනිදා කටයුතු කළ අතර එය පසුව, 20 වනදා දක්වා කල් දැමීමට පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත් වර්තමානයේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී නව නීති මාලාවක් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවට හඳුනාගෙන ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියාසිටියේ.
යම් හෙයකින් එවැනි නීති මාලාවක් හඳුන්වා දෙන්නේනම් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා පමණක් එය ක්‍රියාත්මක කිරීමට ද පසුගියදා පැවති සාකච්ඡාවේ දී එකගතාව පළවී තිබෙනවා.
