
ජනප්‍රිය පුවත් පත් කාටූන් චරිතයක් වූ ගජමෑන් ඇසුරෙන් නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය සඳහා ඔස්ටේ්‍රලියාවේද ඉහළ ජනප්‍රියත්වයක් හිමිවී තිබෙනවා.
ලොව පුරා ප්‍රදර්ශනයට සමගාමීව ඔස්ටේ්‍රලියාවේදී ප්‍රදර්ශනය ආරම්භ වන්නේ ලබන ඉරිදායි.
චානක පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙම සුවිශේෂී නිර්මාණයේ ප්‍රධානතම හඬකැවීම් ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද ප්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය.

ගජමෑන් චිත්‍රපටයේ තිර රචනය සිදුවන්නේද ඔවුන් දෙදෙනා අතිනි.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.

අතිශය ජනප්‍රිය හඬ නළු නිළියන්ගේ හඬින් සැරසුණු 3D සිනමා නිර්මාණයන්ට ලොව භාවිතයට ගනු ලබන ඉහළම තාක්ෂණය වන Motion Capture නැත්නම් ”චලන ග්‍රහණය” යොදා ගජමෑන් චිත්‍රපටය නිර්මාණය කිරීමට වසර 10කට ආසන්න කාලයක් ගතවිය.
James Cameron විසින් නිෂ්පාදනය කරන ලද ලෝ පතළ Avatar සහ Steven Spielberg නිර්මාණය කළ The Adventures of Tintin චිත්‍රපට Motion Capture තාක්ෂණය භාවිත කර නිර්මාණය කර තිබේ.
‘ගජමෑන්’ චිත්‍රපටය ලොව පුරා ශ්‍රී ලාංකිකයින්ට නවමු අත්දැකීමක් වනු නොඅනුමානය.
එමෙන්ම දින 08 ක් වැනි කෙටි කාලයකදී ගජමෑන් නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔස්ටේ්‍රලියාව තුළදී අලෙවි වීමද විශේෂත්වයක්.
මීට පෙර ඔස්ටේ්‍රලියාව තුළදී ප්‍රදර්ශනය කරන ලද කිසිදු ලාංකික සිනමා පටයකට එවැනි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන්.
මේ අතර මෙම නිර්මාණයේ සඳහන් වන ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගද මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණා.