
ඔස්ටේ්‍රලියාවේ ආධුනිකත්ව පුහුණු සම්පූර්ණ කරන තරුණයන් සංඛ්‍යාව වසර 23 කට පසු පහළම අගය වාර්තා කර තිබෙනවා.
වෘත්තීමය අධ්‍යාපනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව එම ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 55.7 ක් ලෙසයි.
පසුගිය වසරේදි පුහුණුව අවසන්කල ආධුනිකයන් සංඛ්‍යාව 77,000 ක් ලෙස සටහන් වන අතර එය 1999 වසරෙන් පසු එක් වසරකදී පුහුණුව අවසන් කල අඩුම ආධුනිකයන් සංඛ්‍යාවද වනවා.

2013 වසරේ සිට මේ දක්වා සෑම වසරකදීම පුහුණුව අවසන් කල ආධුනිකයන් ගණන පෙර වසරට වඩා අඩුවෙනුයි සටහන් වන්නේ.
ඔස්ටේ්‍රලියාවේ දැඩි සේවක හිගයට මෙයද බලපා ඇති අතර ඉදි කිරීම් වැනි ක්ෂේත්‍ර කඩාවැටීමට පවා ඉවහල් විය හැකි බවයි විද්වතුන් පෙන්වා දී ඇත්තේ.
