NSW යතුරු පැදි කල්ලි මර්දනයට හෙට සිට අමතර බලතල

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්ෂණික විහිදුම් පොලිස් බලකායට අමතර බලතල ලබා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තයේ යතුරු පැදි කල්ලි මර්දනයටද හෙට සිට ඔවුන්ට අවස්ථාව හිමිවන බවයි ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ සඳහන් කලේ.

නිවු සවුත් වේල්ස් හි සංවිධානාත්මක අපරාධ මර්දනයට 2018 වසරේ සිට ක්‍රියාත්මක කල නියමු වැඩසටහනක සාර්ථක්තවය මතයි මෙම පියවර ගෙන ඇත්තේ.

2009 වසරේදී ස්ථාපිත කරනු ලැබු මෙම ක්ෂණික විහිදුම් බලකාය විසින් මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 7,500 ක් පමණ සිදුකර ඇති අතර ගිණි අවි 2,000 ක් ද සිය භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් විසින් සිදුකල වැටලීම් අනුව ගොණු කර ඇති චෝදනා සංඛ්‍යාව 19,000 කට ආසන්නයි.

 

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »