සඳ මත පා තැබූ දෙවැන්නා වයස 93 දී විවාහ වෙයි

සඳමතට පා තැබූ දෙවන පුද්ගලයා වන එඩ්වින් ඕල්ඩ්‍රින් හෙවත් බස් ඕල්ඩ්‍රින් 04 වන වරටත් විවාහ වී තිබෙනවා.

ඒ ඔහුගේ 93 වන උපන්දිනයේදීයි.

වසර ගණනක් පුරා සිය පෙම්වතිය වූ 63 හැවිරිදි ඇන්කි ෆෝර් සමගයි ඔහු මෙලෙස විවාහ වී ඇත්තේ.

1969 වසරේ දී සිදුවූ පළමු සඳ ගමනට යොදාගත් ඇපලෝ 11 අභ්‍යවකාශ ගමනේ නියමුවන්ගෙන් දැනට ජීවතුන් අතර සිටින එකම ගගනගාමියා වන්නේද බස් ඕල්ඩ්‍රින්.

රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති ආචාර්ය ඇන්කි ෆෝර්, ඕල්ඩ්‍රින් ගේ සමාගමේ විධායක උප සභාපතිවරයා යි.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »